ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් පසු කරාපිටිය රෝහලේ දී 9 හැවිරිදි දැරියක
මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ කණ්ඩායමක් කරාපිටිය රෝහලට යවන
බව ජාතික ඖෂධ අධිකාරීය පවසයි.
අද (15) දිනයේ එම කණ්ඩායම කරාපිටිය රෝහල වෙත පිටත්කර හරින බව එම අධිකාරීයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සඳහන් කළේය.
අදාළ ප්‍රතිජීවක ඖෂධය මේ වන විටත් දිවයිනේ සියළුම රෝහල්වලින් ඉවත් කර තිබේ.
මෙම දැරිය මියයාමට හේතුව පරීක්ෂණ අවසානයේ නිශ්චිතව නිගමනය කළ හැකි බව හේමන්ත බෙනරගම මහතා පැවසීය.
මේ අතර කැස්සට ලබාදෙන ඖෂධයක් වන කොරෙක්ස් නැමැති සිරප් වර්ගය භාවිතා කිරීමෙන් සිදුවූ බව කියන මරණ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලැබී තිබේ.
එම වාර්තාවට අනුව කොරෙක්ස් සමඟ වෙනත් යම්කිසි ද්‍රව්‍යයක් කලවම් කර ලබාදීම තුළින් අදාළ මරණ සිදුවී ඇති බව වාර්තා වේ.
මෙම සිරප් වර්ගය පානය කිරීම තුළින් පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට මියගොස් ඇති අතර ඔවුන් සියලු දෙනාම එකම ප්‍රදේශයක පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ පිළිබඳ සෞඛ්‍ය අමත්‍යවරයා විසින් හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් කිරිමට ද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් අදාළ සිරප් වර්ගය පසුගිය බදාදා දිනයේ සිට මෙරට භාවිතය හා අලෙවි කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තහනම් කරනු ලැබීය.

No comments:
Post a Comment
Post Your Comment