පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය.
ඒ අවසන් තරඟයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 36කින් පරාජයට පත් කරමින්ය.
කොදෙව් කණ්ඩායම ලබාදුන් ලකුණු 138 ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.1කදී සියලු දෙනා ලකුණු 101ට දවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක මහේල ජයවර්ධන ලකුණු 33ක් ලබාගත් අතර කුමාර් සංගක්කාර ලකුණු 23ක් ලබා ගන්නා ලදී.
නුවන් කුලසේකර පන්දු 13 කදී ලකුණු 26ක් ලබා ගත්ත ද එය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට ගෙන යාමට ප්‍රමාණවත් නොවීය.
තිලකරත්න දිල්ෂාන් ලකුණු නොලබාම දැවී ගිය අතර ජීවන් මෙන්ඩිස් හා තිසර පෙරේරා ලකුණු 3 බැගින් ලබා සිටියදී දුවද්දි දැවී ගියේය.
ලහිරු තිරිමාන්න ලකුණු 4ක්, ලසිත් මාලිංග ලකුණු 5ක් අජන්ත මෙන්ඩිස් ලකුණු 1ක්, අකිල ධනංජය නොලබා කඩුල්ලේ රැඳී සිටියේය.
මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තේය.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වු මාලන් සැමුවෙල් ලකුණු 78ක් ලබා ගත් අතර කාගේත් කතාබහට ලක්වූ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස්ගේල් පන්දු 16කදී ලබා ගත්තේ ලකුණු 3ක් පමණී.
කොදෙව් කණ්ඩායමේ ඉණිම සුණු විසුණු කළ අජන්ත මෙන්ඩිස් ලකුණු 12ට කඩුලු 4 ක් බිඳ දමන ලදී.
ඒ අනුව සිව්වැනි වරට පැවැති පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය.

No comments:
Post a Comment
Post Your Comment