පුද්ගලයින් විදේශ ගත කරන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට
ගත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්නගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ
පුද්ගලයා මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. කොටුව -
මහේස්ත‍්‍රාත් අධිකරණයට සැකකරු අද (04) ඉදිරිපත් කළ අවස්ථාවේදීයී මෙම
නියෝගය නිකුත් කළේ.
කොල්ලූපිටිය පොලිසියට ලද පැමිණිල්ලක් මත මෙම පුද්ගලයා ඊයේ (03) ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. එච්.යූ. ගුණරත්න නැමති මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයකින්ම කොල්ලූපිටිය පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇති බවයි කොල්ලූපිටිය පොලිසිය කියා සිටියේ. හම්බන්තොට, පොල්ගහවෙල ආදී පොලිස් ස්ථානවලිනුයි මීට අදාළ පැමිණිලි ලැබී ඇත්තේ. සැකකරුගෙන් කරනලද ප‍්‍රශ්න කිරීම්වලින් හෙළි වී ඇත්තේ දිවයිනේ ප‍්‍රදේශ රැසකින්ම මෙම පුද්ගලයා මුදල් වංචා කර ඇති බවයි. කෙසේ වෙතත්, මෙම පුද්ගලයා වංචා කර ඇති මුදල් ප‍්‍රමාණයේ වටිනාකම මේ දක්වා තහවුරු කර නැහැ.
මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්නගෙන්ද විමසීමක් කළා. අමාත්‍යවරයා පැවසුවේ දෙමසක් පමණ තමන් යටතේ සේවය කළ මෙම පුද්ගලයා පිළිබඳ ලැබුණු නිර්නාමික ලිපියක් මත ඔහුව සේවයෙන් ඉවත් කළ බවයි.

No comments:
Post a Comment
Post Your Comment