
අද පස්වරු 2.00 - 4.00 දක්වා කාලය තුළ පනත් කෙටුම්පත විවාදයට ගන්නා බව අණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
එම පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී වගන්තියෙන් වගන්තිය කියවා අනුමත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට නියමිතය.
නව පනත මගින් මනාප ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කර මිශ‍්‍ර ක‍්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂිතය.
ඒ අනුව කොට්ඨාස ක‍්‍රමය යටතේ 70% ක් ද, අනුපාත ක‍්‍රමය යටතේ 30% ක් ද වශයෙන් නියෝජිතයන් තෝරා ගැනෙනු ඇති.
බහු මන්තී‍්‍ර කොට්ඨාස හඳුන්වාදීම, ඡන්ද නිර්ණ කොමිසන් සභා පිහිටුවීම සහ පරාජිත ඡන්ද වෙනුවෙන් ද අනුපාත ක‍්‍රමයක් මගින් නියෝජිතයන් පත් කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදීම ඇතුළු නව වෙනස්කම් රැසක් මෙමගින් හඳුන්වා දී තිබේ.
No comments:
Post a Comment
Post Your Comment