බංග්ලාදේශයේ වාසය කරන ශී‍්‍ර ලාංකිකයන් වෙත ඩකා නුවර පිහිටි ශී‍්‍ර ලංකා
මහ කොමසාරිස් කාර්යාලය විසින් ආරක්ෂක උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
පසුගිය 29 වැනිදා බංග්ලාදේශයේ බෞද්ධ විහාරස්ථානවලට එල්ල වූ ප‍්‍රහාරවලට විරෝධය පළ කරමින් ඊයේ කොළඹ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා.
එම අවස්ථාවේදී මහ කොමසාරිස් කාර්යාලයට බෝතල් ප‍්‍රහාරයක් ද එල්ල වුණා. මේ හේතුවෙන් බංග්ලාදේශයේ වාසය කරන ශී‍්‍ර ලාංකිකයන්ට අනර්ථයක් සිදුවිය හැකි බැවින් මෙම ආරක්ෂක පියවර ගත් බවයි ඩකා නුවර පිහිටි ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ.
ඒ අනුව මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර ඇති උපදේශක මාලාවට අනුව තම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙස බංග්ලාදේශයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් සරත් වේරගොඩගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත්, බංග්ලාදේශයේ සිටින ශී‍්‍ර ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය අවධානයෙන් පසුවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

No comments:
Post a Comment
Post Your Comment