1986 වසරේ භීෂණ සමයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි චෝදනා ලැබ
සිටි හමුදා නිලධාරියෙකු සහ භික්ෂූන් වහන්සේ නමක් අදාළ චෝදනාවලින් නිදොස්
කොට නිදහස් කිරීමට පුත්තලම මහාධිකරණය නියෝග කර තිබෙනවා. පුත්තලම මහාධිකරණ
විනිසුරු එස්. ඞී.ඒ. තාසීම් මෙසේ නිදොස් කොට නිදහස් කළේ එවකට ආණමඩුව යුද
හමුදා කඳවුරේ අණ කණ්ඩය භාරව සිටි යුද හමුදා නිලධාරියා සහ ගල්කුලම
විහාරස්ථානයක වැඩ වාසය කල හිමිනමක්. පුත්තලම - කොට්ටකච්චිය ප‍්‍රදේශයේ
පදිංචි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදැයි නීතිපතිවරයා විසින්
විත්තිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා කර තිබුණා. මේ සම්බන්ධයෙන් පැවති
දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරිය සිය තීන්දුව ඊයේ
ප‍්‍රකාශයට පත් කරමින් කියා සිටියේ චූදිතයන්ට එරෙහිව ඇති චෝදනා ඔප්පු
කිරීමට පැමිණිලි පාර්ශවය ප‍්‍රමාණවත් ආකාරයෙන් සාක්ෂි ඉදිරිපත් නොකළ බවයි. ඒ
අනුව සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරුවරිය ප‍්‍රකාශ කළා.
No comments:
Post a Comment
Post Your Comment