මුදල් නෝට්ටු ගණුදෙනු කිරීමේදී සැලකිලිමත් වන ලෙස පොලීසිය ජනතාවගෙන්
ඉල්ලීමක් කරනවා.
රුපියල් 500, 1000, 2000 සහ රුපියල් 5000 නෝට්ටු ව්‍යාජ ලෙස සකස් කර ගනුදෙනු කරන බවට දිගින් දිගටම ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන එම ඉල්ලීම කරන බවයි පොලීසිය සඳහන් කළේ.
කන්තලේ - අග්බෝපුර - හබරන ප්‍රදේශයේ දී රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 150ක් සමග තරුණයින් තුන් දෙනෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම කරුණු සැළකිල්ලට ගෙන පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මුදල් නෝට්ටු ගනුදෙනු කිරීමේ දී නෝට්ටුවල දිය සලකුණ ඇද්දැයි පරීක්ෂා කර බලන ලෙසයි.

No comments:
Post a Comment
Post Your Comment