Wednesday, October 10, 2012

මින්නේරියට මහ වැසි


අද පෙරවරු 8.30 න් අවසන් වු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මින්නේරිය ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 

එම අගය මිලිමිටර් 153 කි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රුද්‍රිගු මහතා පැවසුවේ එම කාලසීමාව තුළ ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට ද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

ඒ අනුව කැනියොන් ප්‍රදේශයට මිලිමිටර් 72.9 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර කුකුලේගඟ ප්‍රදේශයට මිලිමිටර් 72 ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

ලක්ෂපාන ආශ්‍රිත ප්‍ර‍දේශය ලැබී ඇති වර්ෂාපතනය මිලිමිටර් 70. 5 ක් බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

යෝජනාව රනිල්ගෙන් ස්ථිර කිරීම රජයෙන්.

ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර ඇතිවී තිබෙන ගැටළුව විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලෙස විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කළ යෝජනාව ආණ්ඩුව අද ස්ථිර කළා. 

ඊයේ පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පෙන්වා දුන්නේ මෙම ගැටළුව පිළිබඳව වාද කිරීමට වඩා සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගෙන එය කඩිනමින් විසඳාගත යුතු බවයි. 

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන පැවසුවේ ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

 ඊයේ පාර්ලිමේන්තුවේදී අදාල යෝජනාව ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ දැනට මතුවී ඇති මෙම ගැටළුවට පාර්ලිමේන්තු කමිටුවක් හරහා විසඳුම් ලබාදී ඇති බවයි.

දිවයින අවට වායු ගෝලය කැළඹිලා

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා පැවසුවේ, වැසි ඇති වන අවස්ථාවේදී අකුණු අනතුරු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගත වු පැය කීපය තුළ වැඩිම වර්ෂාපතනය පොළොන්නරුවෙන් වාර්තා වූ බවයි.

අකුණු සැරට ජීවිත දෙකක් බිලි

මැදවච්චිය , හැළඹගස්වැව ප‍්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද පස්වරුවේ නිවසේ වහලය මත තිබූ තහඩුවක් සවි කරමින් සිටිය දී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බව මැදවච්චිය පොලිසිය සඳහන් කරයි.

අකුණු සැර වැදුණු පුද්ගලයින් දෙදෙනා ප‍්‍රතිකාර සඳහා මැදවච්චිය රෝහලට රැගෙන යමින් සිටින අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජීවිතක්ෂයට පත්ව ඇති පුරුෂයා 35 හැවිරිදි වියේ පසුවන අතර ඔහුගේ බිරිද 31 හැවිරිදි වියේ පසුවන බව කියැවෙයි.

මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රාජකාරියේ දී භාෂාව ප‍්‍රශ්නයක් නම් 1956 අමතන්න.

මෙරට තුළදී ඇතිවන භාෂා ප‍්‍රශ්න පිළිබඳව දැනුම්දීම සඳහා රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් විශේෂ කෙටි දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

 1956 මෙම අංකය තුළින් රජයේ ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථාහි කටයුතු කර ගැනීම සඳහා පැමිණි මහජනතාව භාෂාව හේතුවෙන් ගැටලූවකට පත්ව ඇත්නම්, මෙම අංකයට පැමිණිලි කිරීම සහ උපකාර ලබා ගැනීමට හැකියාව පවතින බවයි රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කළේ. 

සිංහල මාධ්‍ය භාවිතාවන ස්ථානවල දෙමළ මාධ්‍ය භාවිතා කරන්නන්ට සිදුවන අපහසුතාවයන් සහ උතුරු නැගෙනහිර වැනි ප‍්‍රදේශවල සිංහල භාෂාව භාවිතා කරන පුද්ගලයින්ට රජයේ ආයතනවලින් කටයුතු කර ගැනීමේදී සිදුවන අපහසුතාවය වළක්වා ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.

සරසවි ඇදුරන් බැසිල් සමඟ සාකච්ඡාවක

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ තවත් විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

ඊයේ (09) රාත්‍රියේ පැවැත්වුණු මෙම සාකච්ඡාවේ දී වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අදාළ ඒකාබද්ධ ප‍්‍රවෘත්ති නිවේදනයක් කෙටුම්පත් කර ඇත.

එම කෙටුම්පත සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ජාවේ එකඟතා, විශ්ව විද්‍යාලවල පැවැත්වෙන ආචාර්යය සංගම්වල මහා සභා රැස්වීම් වෙත අද (10) දිනයේ දී ඉදිරිපත් කිරීමට නියමිතය.

එම මහා සභා රැස්වීම්වල දී එළඹෙන එකඟතාවන් පිළිබඳ හෙට උදෑසන විධායක කමිටුව රැස්ව අවසන් තීරණයක් ගන්නා බව ආචාර්යය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කළේය.

හෙද නිලධාරින් ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (10) දහවල් උද්ඝෝෂණයක නිරත වුණා. 

පළාත් සභා මට්ටමෙන් හෙද නිලධාරින් බඳවා ගැනීමට සහ හෙද සේවාවේ පවතින වැටුප් විෂමතාවයට මෙලෙස විරෝධය පළ කරන බවයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය උද්ඝෝෂණයට එක්වෙමින් සඳහන් කළේ.

පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වාදීම සඳහා වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි.

අද පස්වරු 2.00 - 4.00 දක්වා කාලය තුළ පනත් කෙටුම්පත විවාදයට ගන්නා බව අණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එම පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී වගන්තියෙන් වගන්තිය කියවා අනුමත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට නියමිතය.

නව පනත මගින් මනාප ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කර මිශ‍්‍ර ක‍්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂිතය.

ඒ අනුව කොට්ඨාස ක‍්‍රමය යටතේ 70% ක් ද, අනුපාත ක‍්‍රමය යටතේ 30% ක් ද වශයෙන් නියෝජිතයන් තෝරා ගැනෙනු ඇති.

බහු මන්තී‍්‍ර කොට්ඨාස හඳුන්වාදීම, ඡන්ද නිර්ණ කොමිසන් සභා පිහිටුවීම සහ පරාජිත ඡන්ද වෙනුවෙන් ද අනුපාත ක‍්‍රමයක් මගින් නියෝජිතයන් පත් කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදීම ඇතුළු නව වෙනස්කම් රැසක් මෙමගින් හඳුන්වා දී තිබේ.

ශ‍්‍රී ලංකාව තුළ බඩඉරිඟු ගම්මාන.

ශ‍්‍ර‍්‍රී ලංකාව තුළ බඩඉරිඟු ගම්මාන ඇති කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වනවා.   

මේ යටතේ, ගල්යාය, මයිලගස්වැව සහ ගලෙන්බිඳුනුවැව යන ප‍්‍රදේශවල මෙම බඩඉරිඟු ගම්මාන ඇති කිරීමටයි සූදානම් වන්නේ. 

බඩඉරිඟු වගා කිරීම සඳහා ගොවීන් 730 දෙනෙකු මේ වනවිටත් ඉදිරිපත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.

 ශ‍්‍රී ලංකාව වාර්ෂිකව බඩඉරිඟු මෙටි‍්‍රක් ටොන් දස දහසක් අපනයනය කරන අතර එය තවදුරටත් වැඩි කිරීමටයි මෙලෙස බඩඉරිඟු ගම්මාන පිහිටුවීමේ අරමුණ වී ඇත්තේ. 

දැනට, කෘෂිකර්ම අමාත්‍යාංශය බීජ බඩඉරිඟු කිලෝවක් රුපියල් 35 ක මුදලකට ගොවීන්ට ලබා දෙනවා.

තිරිගු පිටි මිල වැඩිවීමේ අවදානමක්.

ඇමරිකා එක්සත් ජනපදයට බලපා ඇති කාලගුණික විපර්යාසය මෙරට පාන්පිටි නිෂ්පාදනවල මිල වැඩිවීමට බලපා තිබෙනවා. 

වියළි කාලගුණය හේතුවෙන් එරට ප‍්‍රදේශ රැසක තිරිඟු වගාව විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ. 

ශ‍්‍රී ලංකාවට වැඩි වශයෙන් තිරිඟු පිටි ගෙන්වනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. 

මේ හේතුව නිසා තිරිඟු පිටිවල මිල ගණන් පසුගිය දින කිහිපය තුළදී ඉහළ ගොස් තිබෙනවා. එම නිසා පාන් මිල ඇතුලූ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉදිරියේදී වැඩි විය හැකි බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයකින් සැක කටයුතු මළ සිරුරු 3 ක්

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක සැක කටයුතු ලෙස මිය ගොස් සිටි පුද්ගල මළ සිරුරු 3 ක් සොයාගෙන තිබේ.

කුරුණෑගල වැව පාමුල ඇළක තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර මිය ගිය පුද්ගලයා තෙලියගොන්න, වෙඬරුවැව පාර ප‍්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි අයෙකි.

මෘත ශරීරය කුලියාපිටිය රෝහලේ තැන්පත් කර ඇති බව කුරුණෑගල පොලීසිය පැවසීය.

මේ අතර කළුගඟ ආශ‍්‍රිත කැලිඩෝ වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

වයස අවුරුදු 60 ක් පමණ වන, මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති බව කළුතර උතුර පොලීසිය පැවසුවේය.

ගෙල සිරකර මරා දැමූ බවට සැක කෙරෙන කාන්තාවකගේ මළ සිරුරක් ද කරුවලගස්වැව, පාවට්ටාමඩුව ප‍්‍රදේශයේ මී ඔයේ තිබී සොයාගෙන තිබේ.

නිවසේ දී අනියම් පුරුෂයා සමඟ සිදුවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් එම ඝාතනය සිදුව ඇති බව කරුවලගස්වැව පොලීසිය පැවසුවේය.

පසුව අදාළ සැකකරු විසින් මළ සිරුර මී ඔයට ගෙන ගොස් දමා ඇති බවට අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Monday, October 08, 2012

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවක් මියයයි.

හංවැල්ල - නිරිපොළ ප‍්‍රදේශයේ 17 හැවිරිදි තරුණයෙකු ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
 
 හංවැල්ල පොලීසිය සඳහන් කළේ අද අලූයම මෙම තරුණයා නිවස ආසන්නයේ ඇති අඹ ගසක ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි.  

තරුණයාගේ මව විසින් අලූයම් කාලයේදී සිය පුතා නොමැතිවීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා. 

අනතුරුවයි මෙම සිද්ධිය දැක පොලීසියට පැමිණිලි කර ඇත්තේ. ජීවිතක්‍ෂයට පත්ව ඇති තරුණයාගේ මව හංවැල්ල පොලීසියට සඳහන් කර ඇත්තේ ඊයේ රාත‍්‍රියේ ක‍්‍රිකට් තරඟය නරඹා අලූයම් කාලයේදී නිවසට පැමිණි තම පුතා රාත‍්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව නින්දට ගිය බවයි. 

කෙසේ වෙතත් සියදිවි නසාගැනීමට හේතුව නිශ්චිත වශයෙන් මෙතෙක් හෙළිවී නැහැ.

මේ අතර හැටන් - කුඩාගම ප‍්‍රදේශයෙන්ද තරුණයෙකු ගෙළ වැළලාගෙන මියයෑමේ සිද්ධියක්  වාර්තාවුණා.  


ඊයේ රාත‍්‍රියේ ක‍්‍රිකට් තරඟය නරඹා සිය නිවෙස තුළට පැමිණීමෙන් අනතුරුව ඔහු ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි හැටන් පොලීසිය සඳහන් කළේ. 

මියගිය තරුණයා 26 හැවිරිදි දෙමළ ජාතිකයෙක්. පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා මත්පැන් පානය කර සිට ඇති බවයි.

 සිය නිවසේ ජීවත්වූ දෙමාපියන්ට එළියට යන ලෙස පවසා තරුණයා සියදිවි හානිකරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.


මේ අතර ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතයේ හිටපු ක‍්‍රීඩිකාවක වන රණවීරගේ ප‍්‍රීතිකා කොළඹ කාන්තා රෝහලකදී අද අලූයම හදිසියේ අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. 


දරු ප‍්‍රසූතිය සඳහා ඊයේ රාත‍්‍රියේ ඇය රෝහල් ගත කළ බවයි වාර්තා වුණේ.