බන්ධනාගාර ගතව සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන්ට ලබන මස 07 වන දිනට ප්‍රථම විසදුම් ලබාදිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළ කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා අතර ඊයේ පස්වරුවේ පැවැති දුරකතන සංවාදයකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දුන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ බරපතළ වැරදි සම්බන්ධයෙන් චෝදනා නොමැති එල්.ටී.ටී.ඊ සැකකරුවන් සියළු දෙනා සඳහා අවශ්‍ය විසදුම් ලබාදිමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති බවයි.
මේ අතර තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල රඳවා සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් පසුගිය සදුදා සිට උපවාසයක් ආරම්භ කරන ලදී.
මෙම උපවාසය මේ දක්වාත් ක්‍රියාත්මක වන අතර ඔවුන් පවසන්නේ තමන්ව දේශපාලන සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින අතර එය නීතිවිරෝධි ක්‍රියාවක් බවයි.
කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ද මෙම සිරකරුවන්ගේ තත්ත්වය සොයා බැලීම සඳහා බන්ධනාගාරය වෙත ගොස් තිබුණි.
මේ අතර අද දිනයේදී ද දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් මෙම රැඳවියන් සමඟ සාකච්ඡා කිරිම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත යෑමට නියමිතව තිබේ.

No comments:
Post a Comment
Post Your Comment