ඉදිරි දිනවලදී වැසි නොලැබුණහොත් විදුලිබල ක්ෂේත‍්‍රයේ බරපතල තත්ත්වයක්
උද්ගත වීමේ දැඩි අවදානමක් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී
චම්පික රණවක පවසනවා.
කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා
සිටියේ දැනට පවතින සහ ඉදිරියේදී ඇතිවිය හැකි ස්වභාවික ආපදාවන් හෝ කාලගුණික
විපර්යාසයන් හේතුවෙන් ජල විදුලි උත්පාදනය අසාමාන්‍ය ලෙස අඩුවිය හැකි බවයි.
මේ නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක්
කළා.
කිසියම් පුද්ගලයෙකුගේ කනේකැසීමක් හෝ ශ්‍රවණාබාධයක් දිගින් දිගටම
පවතින්නේ නම් වහාම වෛද්‍ය පරීක්ෂාවක් කරගන්නා ලෙස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ
ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කරයි.
මෙරටපුද්ගලයෙකුගේ කනේ සිටියදි මයිටාවන් සොයා ගැනිමෙන් අනතුරුව පසුගිය දිනක
තායිවාන ජාතිකයෙකුගේ කනේ මයිටාවන් සිටි හමු වු බව ජාත්‍යන්තර සඟරාවක
පළ වී ඇත.
දඹුල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියරත්න අල්ලස් හෝ
ඳුෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරීන් විසින් දඹුල්ල නගර මධ්‍යයේදී අද (05)
අත්අඩංගුවට ගනු ලැබුවා.
දඹුල්ල - ගල්වැටියාව ප‍්‍රදේශයේ පදිංචි
කොන්ත‍්‍රාත්කරුවෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට
උත්සාහ කළ අවස්ථාවේදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මේ වනවිට දඹුල්ල
නියෝජ්‍ය නගරාධිපතිවරයා ගලේවෙල පොලිස් ස්ථානයට භාර දී ඇති අතර, ඔහු අද
(05) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ ඳුෂණ විමර්ෂණ
කොමිසමේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ.
බදුල්ල - හාලිඇල ප‍්‍රදේශයේ කාන්තාවක් සිය දරු දෙදෙනාට වස පොවා ඇයද වස
පානය කර ඇතැයි බදුල්ල පොලිසිය පවසනවා.
මෙසේ වස පානය කර ඇත්තේ හාලිඇල
සෙන්ට්ජේම්ස් වත්තේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය කියා
සිටියේ.
කිරි වීදුරුවකට වස මුසුකර ඇය තම දරු දෙදෙනාට වස පොවා ඇති අතර, මේ
වනවිට ඔවුන් තිදෙනාම බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන්
කළේ.
ඔවුන්ගේ තත්ත්වය බරපතල බව අප කළ විමසීමකදී රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන්
කළා.
මෙම කාන්තාව සිය සැමියා සමග ඇතිවු ආරවුලක් දුරදිග යාම නිසා මෙම අපරාධය
සිදුකරගෙන ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙලි වී ඇත්තේ.
යළි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට එළැඹීමට ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ
වෘත්තීය සමිති සන්ධානය සූදානම් වනවා.
එහි මෙහෙයුම් කමිටු සාමාජික රංජන්
ජයලාල් සඳහන් කළේ සේවක පළිගැනීම් ඇතුළු කරුණු
කිහිපයක් මූලික කරගනිමින් මෙලෙස වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එළැඹීමට නියමිත
බවයි.
කෙසේ වෙතත්, ලබන සඳුඳා මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ජාවක්
පවත්වන අතර, එහිදී විසඳුමක් නොලැබුනහොත් වෘත්තීය කි‍්‍රයා මාර්ගයකට එළැඹෙන
බවයි ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රංජන්
ජයලාල් පැවසුවේ.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හෙට (06) දින ආර්ථික සංවර්ධන
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව ආචාර්යවරුන්ගේ සමිති
සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා පවසයි.
ඒ සඳහා මේ වනවිට තම සංවිධානයට නිල වශයෙන් දැනුම් දී ඇති බවත් ඒ අනුව හෙට
දිනයේ විශ්ව විද්‍යාල අර්බුධය සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් සිදුකෙරෙනු
ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
එසේවුව මීට පෙරාතුව ඊයේ (04) විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමඟ රජය
සාකච්ඡාවක් පවත්වන බවට ප්‍රචාරයක් ගෙන ගියද ඒ වනවිට එවැනි සාකච්ඡාවක්
සම්බන්ධයෙන් තමන්ට කිසිදු දැනුම්දීමක් කළ නොතිබූ බවත් ආචාර්යවරයා
වැඩිදුරටත් සඳහන් කළේය.
ගොවිජන සේවා හා වනජීවි කැබිනට් අමාත්‍යවරයාව සිට ධූරයෙන් ඉල්ලා අස්වූ
එස්.එම් චන්ද්‍රසේන මහතා, ගොවිජන සේවා හා වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස
දිවුරුම් දී තිබේ.
මීට සවල්ප මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීම සිදුව ඇති බව සඳහන්ය.
උතුරු මැද පළාතෙන් වැඩිම මනාප ලබාගත් එස්.එම් රංජිත් නමැති ස්වකීය සොයුරාට
පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරය ලබාගනුවස් තමන් කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා
අස්වූ බව ඔහු පවසා තිබිණි.
කෙසේ වෙතත් හෙතෙම අද තමන් කැබිනට් අමාත්‍ය ධූරය දැරූ අමාත්‍යංශයේම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
බංග්ලාදේශයේ - බෙංගාසි ප‍්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානවල හා එහි වෙසෙන
බෞද්ධ ජනතාවට මුස්ලිම් අන්තවාදීන් විසින් සිදුකරන හිංසාකාරී කි‍්‍රයාවන්ට
විරෝධය පළ කිරීම් කිහිපයක් අද (04) දිනයේද පැවැත්වුණා.
බොදු බල
සේනා සංවිධානය අද (04) පස්වරුවේ කොළඹ මහ නගර සභා පිටියේදී සත්‍යග‍්‍රහයක
නිරත වුණා. අනතුරුව, ඔවුන් පාගමනින් ගොස් කොළඹ - වෝඞ් පෙදෙසේ පිහිටි
බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූවා.
මෙම විරෝධතාව අතරතුරදී බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයට ජල බෝතල්
ප‍්‍රහාරයක්ද එල්ල වුණා. එයින් එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ ජනේලවල
වීදුරු කිහිපයක් බිඳී ගිය බවයි එහි සිටි අප මාණ්ඩලික වාර්තාකරු පැවසුවේ.
මෙම විරෝධතාව අසල සිටි එක්තරා පුද්ගලයෙකු සැකපිට පොලිසිය විසින් මෙහිදී
අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම ස්ථානයට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්
අධිකාරී අජිත් රෝහණද පැමිණියා.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පොලිස්පතිවරයා වෙත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විසින් මීට අදාළ
පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය
පවසයි.
අදාළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමේ දී අනුගමනය කර ඇති නිර්ණායක සහ
වෙනත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස අදාළ පැමිණිල්ලෙන්
ඉල්ලා ඇති බව සඳහන්ය.
පැමිණිල්ලෙහි සඳහන් කරුණු අධ්‍යයනය කර ඉදිරි පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ආණ්ඩුව මුදල් වෙන් කිරීමේ දී නිසි ප්‍රමුඛතාවයකට අනුව සිදු නොකරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ආණ්ඩුව අනවශ්‍ය ව්‍යාපෘති සඳහා අධික මුදලක් වෙන් කෙරෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
6% ක ප්‍රමාණයක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීමට නොහැකි බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ද හෙතෙම කියා සිටියි.
ඇතැම් මාර්ග ව්‍යාපෘති සඳහා කෝටි ගණනක මුදලක් වෙන් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා පවසයි.

පුද්ගලයින් විදේශ ගත කරන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට
ගත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්නගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ
පුද්ගලයා මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. කොටුව -
මහේස්ත‍්‍රාත් අධිකරණයට සැකකරු අද (04) ඉදිරිපත් කළ අවස්ථාවේදීයී මෙම
නියෝගය නිකුත් කළේ.
කොල්ලූපිටිය පොලිසියට ලද පැමිණිල්ලක් මත මෙම
පුද්ගලයා ඊයේ (03) ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බවයි
පොලිසිය ප‍්‍රකාශ කළේ. එච්.යූ. ගුණරත්න නැමති මෙම සැකකරු සම්බන්ධයෙන්
පොලිස් ස්ථාන කිහිපයකින්ම කොල්ලූපිටිය පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇති බවයි
කොල්ලූපිටිය පොලිසිය කියා සිටියේ. හම්බන්තොට, පොල්ගහවෙල ආදී පොලිස්
ස්ථානවලිනුයි මීට අදාළ පැමිණිලි ලැබී ඇත්තේ. සැකකරුගෙන් කරනලද ප‍්‍රශ්න
කිරීම්වලින් හෙළි වී ඇත්තේ දිවයිනේ ප‍්‍රදේශ රැසකින්ම මෙම පුද්ගලයා මුදල්
වංචා කර ඇති බවයි. කෙසේ වෙතත්, මෙම පුද්ගලයා වංචා කර ඇති මුදල් ප‍්‍රමාණයේ
වටිනාකම මේ දක්වා තහවුරු කර නැහැ.
මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්නගෙන්ද විමසීමක් කළා. අමාත්‍යවරයා
පැවසුවේ දෙමසක් පමණ තමන් යටතේ සේවය කළ මෙම පුද්ගලයා පිළිබඳ ලැබුණු
නිර්නාමික ලිපියක් මත ඔහුව සේවයෙන් ඉවත් කළ බවයි.
මෙම වසරේ ගතවූ කාලය තුළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පොලිස් නිලධාරීන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසර තුළ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
පසුගිය වසරේ දී පොලිස් නිලධාරීන් 14 දෙනෙකු අල්ලස් චෝදනා එල්ලවීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව සඳහන්ය.
2009 වසරේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව මගින් පොලිස් නිලධාරීන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ගතවූ වසර 4 ක කාලය තුළ ලිංගික අල්ලස් ලබාගැනීම සම්බන්ධ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.