මුදල් නෝට්ටු ගණුදෙනු කිරීමේදී සැලකිලිමත් වන ලෙස පොලීසිය ජනතාවගෙන්
ඉල්ලීමක් කරනවා.
රුපියල් 500, 1000, 2000 සහ රුපියල් 5000 නෝට්ටු ව්‍යාජ
ලෙස සකස් කර ගනුදෙනු කරන බවට දිගින් දිගටම ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන
එම ඉල්ලීම කරන බවයි පොලීසිය සඳහන් කළේ.
කන්තලේ - අග්බෝපුර - හබරන
ප‍්‍රදේශයේ දී රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 150ක් සමග තරුණයින් තුන්
දෙනෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම කරුණු සැළකිල්ලට ගෙන
පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මුදල් නෝට්ටු ගනුදෙනු කිරීමේ දී
නෝට්ටුවල දිය සලකුණ ඇද්දැයි පරීක්ෂා කර බලන ලෙසයි.
මහේල ජයවර්ධන පන්දුවාර 20/20 තරඟවලදී කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවසන් වූ පසු තමන් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබු බව ද ඔහු පවසයි.
කෙසේ වෙතත් එක්දින හා ටෙස්ට් තරඟවලදී තවදුරටත් කණ්ඩායමට නායකත්වය ලබාදීමට සුදානම් බව මහේල පවසා තිබේ.
පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය.
ඒ අවසන් තරඟයේදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 36කින් පරාජයට පත් කරමින්ය.
කොදෙව් කණ්ඩායම ලබාදුන් ලකුණු 138 ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම
පන්දුවාර 18.1කදී සියලු දෙනා ලකුණු 101ට දවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන්
සමත් වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක මහේල ජයවර්ධන ලකුණු 33ක් ලබාගත් අතර කුමාර් සංගක්කාර ලකුණු 23ක් ලබා ගන්නා ලදී.
නුවන් කුලසේකර පන්දු 13 කදී ලකුණු 26ක් ලබා ගත්ත ද එය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට ගෙන යාමට ප්‍රමාණවත් නොවීය.
තිලකරත්න දිල්ෂාන් ලකුණු නොලබාම දැවී ගිය අතර ජීවන් මෙන්ඩිස් හා තිසර පෙරේරා ලකුණු 3 බැගින් ලබා සිටියදී දුවද්දි දැවී ගියේය.
ලහිරු තිරිමාන්න ලකුණු 4ක්, ලසිත් මාලිංග ලකුණු 5ක් අජන්ත මෙන්ඩිස් ලකුණු 1ක්, අකිල ධනංජය නොලබා කඩුල්ලේ රැඳී සිටියේය.
මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තේය.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වු මාලන් සැමුවෙල් ලකුණු
78ක් ලබා ගත් අතර කාගේත් කතාබහට ලක්වූ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස්ගේල්
පන්දු 16කදී ලබා ගත්තේ ලකුණු 3ක් පමණී.
කොදෙව් කණ්ඩායමේ ඉණිම සුණු විසුණු කළ අජන්ත මෙන්ඩිස් ලකුණු 12ට කඩුලු 4 ක් බිඳ දමන ලදී.
ඒ අනුව සිව්වැනි වරට පැවැති පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට නාදුනන කණ්ඩායමක්
විසින් කළ පහරදීමට එරෙහිව හෙට (08) විනිසුරුවන් රාජකාරී කටයුතුවලින්
ඉවත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ විනිසුරුවරුන් හෙට රාජකාරී ඉවත්වීමට නියමිතය.
මේ අතර නීතිඥවරුන් ද හෙට සහ අනිද්දා රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.
හෙට පෙරවරුවේ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වීමෙන්
පසු කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ දක්වා විරෝධතා පා ගමනක නිරතවීමට ද
නීතිඥවරුන් තීරණය කර ඇත.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය ඇතුළු නීතිඥ සංගම් කිහිපයක් එක්ව අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹ තිබේ.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ
කොදෙව් කණ්ඩායම අතර අද පැවැත්වෙනවා.
ඒ, කොළඹ ආර්.පේ‍්‍රමදාස
කී‍්‍රඩාංගනයේදීයී. තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් රාති‍්‍ර 07 ට ආරම්භ වනවා.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට කිසියම් පිරිසක් පහර දී තිබේ.
ජාතික රොහලේ ප්‍රකාශිකාවක පැවසූවේ ,තුවාල ලැබූ මංජුල තිලකරත්න මහතා මීට සුළු වේලාවකට පෙර ජාතික රොහලට ඇතුළත් කල බව ය.
ජනතාවට සේවය කිරීමේදී බාධා පමුණුවන සෑම පනතක්ම, කඩිනමින් සංශෝධනය කළ යුතු යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඇතැම් ප‍්‍රායෝගික නොවන පනත් හේතුවෙන් මෙරට ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන්
රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ අතරමඟ නවතා දැමිය නොහැකි යැයි ද ඔහු
පෙන්වාදෙයි.
ලබන වසරේ අයවැය සැකසීමට අදාළව පළාත් පාලන නියෝජිතයින්ගේ අදහස් සහ යෝජනා ලබා
ගැනීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (06) පැවැති රැස්වීමකදී ඔහු මේ බව
පැවසුවේය.
පළාත් පාලන ආයතනවල නියෝජිතයින් සඳහා රැස්වීම පැවැත්විණ.
හපුතලේ - ලිප්ටන්ස් සීට් ප‍්‍රදේශයේ අද පස්වරුවේ අකුණුසැර වැදීමෙන්
විදේශිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තවත් තුන් දෙනෙකු එහිදී
තුවාල ලැබූ බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.
තුවාල ලැබූවන් හපුතලේ රෝහලේ
ප‍්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
ලබන සඳුදා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමග
පවත්වන සාකච්ඡාවේ සාර්ථකත්වය මත, තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්
කරන්නේද යන්න පිලිබඳ තීරණයකට එළඹෙන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ
සමිති සම්මේලනය පවසයි.

එහි සභාපති ආචාර්ය නිර්මාර් රංජිත් දේවසිරි මහතා මේ බව පැවසුවේ, ආර්ථික
සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග අද සවස පැවති සාකච්ඡාවෙන්
අනතුරුව ය.
අද පැවති සාකච්ඡා පලදායී අයුරින් පැවති බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා දිවි නැඟුම පනත ඉවත් කරගැනීමට පියවර නොගනු ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා ඉදිරියට තැබු පියවරක් යළි පසුපසට නොගන්නා අයෙකු වන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
බත්තරමුල්ලේ දී අද (05) පැවති ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂිකර්ම පර්යේෂණ
සහකාර නිලධාරී සංගමයේ 15 වන නියෝජිත සම්මේලනය අමතමින් බැසිල් රාජපක්ෂ
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
යෝජිත දිවිනැඟුම පනත මගින් ගම්වල ප්‍රජාමූල සංවිධාන යළි ශක්තිමත් වන බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේය.
එවිට රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය අහෝසි වනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වාදිණි.
මන්නාරම, දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සේවය සංවර්ධනය කිරීම සදහා අමෙරිකානු
ඩොලර් ලක්ෂ 5 ක මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබේ.
මේ යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 700 ට ගොවි උපකරණ ලබාදීමට නියමිතය.
එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 7 ක් ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මකය.
වතුර පොම්ප, දියර ඉසින යන්ත්‍ර, උදළු තල සහ විල්බැරෝ මෙන්ම අඹ, පොල් සහ කොස් පැළ ද බෙදා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
බංග්ලාදේශයේ වාසය කරන ශී‍්‍ර ලාංකිකයන් වෙත ඩකා නුවර පිහිටි ශී‍්‍ර ලංකා
මහ කොමසාරිස් කාර්යාලය විසින් ආරක්ෂක උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
පසුගිය 29 වැනිදා බංග්ලාදේශයේ බෞද්ධ විහාරස්ථානවලට එල්ල වූ ප‍්‍රහාරවලට
විරෝධය පළ කරමින් ඊයේ කොළඹ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට
උද්ඝෝෂණයක් පැවැත්වුණා.
එම අවස්ථාවේදී මහ කොමසාරිස් කාර්යාලයට බෝතල්
ප‍්‍රහාරයක් ද එල්ල වුණා. මේ හේතුවෙන් බංග්ලාදේශයේ වාසය කරන ශී‍්‍ර
ලාංකිකයන්ට අනර්ථයක් සිදුවිය හැකි බැවින් මෙම ආරක්ෂක පියවර ගත් බවයි ඩකා
නුවර පිහිටි ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ.
ඒ අනුව මහ
කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර ඇති උපදේශක මාලාවට අනුව තම තමන්ගේ
ආරක්ෂාව සලසා ගන්නා ලෙස බංග්ලාදේශයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් සරත්
වේරගොඩගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත්, බංග්ලාදේශයේ
සිටින ශී‍්‍ර ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය අවධානයෙන්
පසුවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.