අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් එක්ලක්ෂ
තිස්දහසක් පමණ අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
මාතර, ගාල්ල, කළුතර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට වර්ෂාවෙන් වැඩි බලපෑම් එල්ල වී තිබේ.
යම් ප්‍රදේශයක අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් ඒ පිළිබඳව තොරතුරු 0112 670 002 යන අංකයට අමතා දැනුම් දෙන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.
කොත්මලේ සහ ලක්ෂපාන යන ජලාශවල වාන් දොරටු දෙක බැගින් විවෘත කර ඇත.
විමලසුරේන්ද්‍ර, කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ද පිටාර මට්ටමට පැමිණ ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් ප්‍රකාශ කරයි.
මහවැලි ව්‍යාපාරයට අයත් පොල්ගොල්ල ජලාශය ද වාන් දොරටු විවෘත කර ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අංගමුව වැව ඇතුළු මධ්‍ය ප්‍රමාණයේ වැව් 17 ක් ද පිටාර මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ.

No comments:
Post a Comment
Post Your Comment