අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා එල්ල වී ඇත්නම් ඒ පිළිබඳ විභාග කිරීමට
ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා
මහතා පවසයි.
විනිසුරුවරයෙකු ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කාර්යය පටිපාටිය කඩිමුඩියේ සකස් කළ එකක් බැවින් එහි දුර්වලතා රැසක් පවතින බව ඔහු පෙන්වාදෙයි.
දෝශාභියෝග යෝජනාව ගෙන ඒම ඒ පිළිබඳ විමර්ශනය කිරීම සහ තීන්දුව ලබාදීම ආණ්ඩු පක්ෂයෙන් සිදුකිරීම තුළ එය අසාධාරණ තත්ත්වයක් බව සරත් එන් ද සිල්වා මහතා පවසයි.
සූරියවැව ප්‍රදේශයේ පැවති ජනහමුවක දී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දෝශාභියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෝශාභියෝගයක් ඉදිරිපත් කළ යුත්තේ අධිකරණයට නොව ආණ්ඩුවට එරෙහිව බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් එල්ල වී ඇති බලපෑම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ලබන 9 වැනිදා රැස්වීමට නියමිතය.

No comments:
Post a Comment
Post Your Comment