
අති උතුම් ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ ලබන වසරේ ජනවාරි 13 වන දා උදෑසන 9ට ශ‍්‍රී ලංකාවට සැපත් වන බව මීට පෙර අනාවරණය කෙරුණා. අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කෙරුණේ කටුනායක ගුවන් තොටුපළට ළඟා වන පාප් වහන්සේ විවෘත රථයකින් කොළඹ - මීගමුව මාර්ගය ඔස්සේ කොළඹට පැමිණීමට නියමිත බවයි. අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම සර්වආගමික නායකයන් සමඟ ද උන්වහන්සේ සාකච්ඡා පවත්වනු ඇති.
ජනවාරි 14 වන දා උදෑසන 8ට කොළඹ ගාලූමුවදොර පිටියේ ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින් දිව්‍ය පූජා යාගයක් පවත්වන අතර එදිනම මරදමඩු දේවස්ථානයට ද උන්වහන්සේ වැඩම කිරීමට නියමිතයි.
No comments:
Post a Comment
Post Your Comment