Sunday, September 28, 2014

බූදල්කාරියක් අතුරුදන් ?


පළාතේ ධනවත් ව්‍යාපාරිකයකුගේ 19 හැවිරිදි දියණිය ගැන පසුගිය සැප්තැම්බර් 13 වැනිදා සිට කිසිම තොරතුරක් නැතැයි එම ව්‍යාපාරිකයා තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත. තම දියණිය ලොකු බුදලයක හිමිකාරියක් බැවින් කිසියම් පිරිසක් ඇය පැහැර ගන්නට ඇතැයි එම ව්‍යාපාරිකයා කියයි.
උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියදී ඇය අතුරුදන්වූ බවද ඔහු පවසයි.

ආදි කාලේ නැව් හතරක් පාසිකුඩාවෙන් සොයා ගනී



පාසිකුඩා වෙරළ ආසන්න නොගැඹුරු ගල්පරයක් අසළ ගිලී ඇති නැව් හතරක සුන්බුන් සොයාගත් බව ගාල්ලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂකයෝ කියති. 2012 වර්ෂයේ සිට වරින් වර එහි කිමිදෙමින් මේ ගවේෂණය කළ බවත් පසුගිය අගෝස්තු මාසයේ දී විශාල වාෂ්ප නැවක කොටස් හමුවීමත් සමග එතැන ඇති නැව් ගණන හතරක් බවට තහවුරු කැරගත හැකි වූ බවත් ඔවුහු කියති.
සමුද්‍ර පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසන්නේ මේ නැව් 19 වැනි හා 20 වැනි ශතවර්ෂයේ දී ගිලී යන්නට ඇති බවයි. ලෝකයේ එකම ස්ථානයක මෙතරම් නැව් සංඛ්‍යාවක් ගිලී ඇති වෙනත් තැනක් ගැන දැනගන්නට නැතැයි ද එබැවින් මෙය ලෝක සමුද්‍ර පුරාවිද්‍යා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් බව ද පර්යේෂකයෝ කියති.
ජාත්‍යන්තර නැව් මාර්ගයට ආසන්නයේ ඇති නොගැඹුරු ගල්තලාවේ හැපී මේ නැව් හතරම ගිලී ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි. යකඩ කඩන්නන් විසින් නැව්වල කොටස් විශාල වශයෙන් ඉවත්කැර ඇති බැවින් නැව් ස්ථිරව ම හඳුනාගැනීම අපහසු වී ඇතැයි ද මුතුකුමාරණ මහතා පවසයි. බොයිලේරු හා එන්ජින් කොටස් තවමත් ඉතිරිව ඇති බැවින් මෙතැන ඇති නැව් හතරෙන් තුනක් වාෂ්ප නැව් බව ස්ථිර වශයෙන් ම හඳුනාගෙන ඇත.
ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ ප්‍රධානී ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න මහතා පවසන්නේ ගිලී ඇති නැව් හතරේ වර්තමාන තත්ත්වය ගවේෂණය කිරීමෙන් සොයාගත් දත්ත, පැරණි වාර්තා හා පුවත්පත් ලේඛණ ආදිය පරිශීලනය කරමින් මේ නැව් හතරේ අනන්‍යතාව හඳුනාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල බොහෝ දුරට අද

 
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් බොහෝදුරට අද (28) දිනයේ අන්තර්ජාලයට මුදා හැරීමට නියමිත බව වාර්තා වනවා. ප‍්‍රතිඵල නිකුත් කිරීමට අදාළ මූලික කටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතින බවයි විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. ඒ අනුව, අද දිනයේ විභාග දෙපාර්තමේන්තුවේ ඩබ්ලිව්ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ඩොනේට්ස්  ඩොට් එල් කේ www.doenets.lk නිල වෙබ් අඩවියෙන් ප‍්‍රතිඵල ලබා ගත හැකියි. පසුගිය අගෝස්තු 14 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 35,585 දෙනෙකු පෙනී සිටියා. ලබන වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැය එකහමාරක තනි ප‍්‍රශ්න පත‍්‍රයක් ලෙස ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි හෝමාගමදී පසුගියදා පැවති රැස්වීමකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

බඹරු, කාන්තාවන් 21 ක් රෝහලට යවති

බඹර ප්‍රහාරයකට ලක්වීමෙන්, බණ්ඩාරවෙළ නයාබැද්ද වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් 21 දෙනෙකු රෝහලට ගත කළ බව බණ්ඩරවෙළ රෝහල් ආරංචි කියයි.

ලංකාවටම එකයි.. එක සිසුවියයි.. එක ගුරුවරයයි.. අපූරු පාසැලක්

බලන්ගොඩ බටුගම්මන විදුහලේ ඉගෙනුම ලබමින් සිටින්නේ එකම එක සිසුවියක් පමණකි.
ගිත්මි වත්සලා නම් ඇයට උගන්වන්නට සිටින්නේද එකම එක ගුරුවරියක් පමණි.
සබරගමු පළාත් අධ්‍යාපන ඇමතිවරයා පවසන්නේ මෙම පාසැල වසා දමා වෙනත් කාර්යයක් සඳහා යොදා ගැනීමට තීරණය කර ඇතැ බවයි.

ස්ත්‍රීන් ලෙස දිවි ගෙවන පිරිමින්ට හිරිහැර

ස්ත්‍රීන් ලෙස ජීවත් වීම තෝරා ගත් පිරිමින්ට මැලේසියානු බලධාරීන්ගෙන් වෙනස්කම් සිදුවන බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පවසයි.
මැලේසියාවේ ආගමික පොලිසිය මෙවැනි පුද්ගලයන්ට ශාරීරික මෙන්ම ලිංගික වශයෙන් අඩන්තේට්ටම් කරන බවයි ඔවුන් පවසන්නේ.
මුස්ලිම් පිරිමින්ට ස්ත්‍රී ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටීම මැලේසියාවේ බොහෝ පලාත්වල නීතියෙන් තහනම් කර ඇති නමුත් එම නීතිය විස්තරාත්මකව පැහැදිලි කර නැත.
මෙම ප්‍රතිපත්තියට එරෙහිව මැලේසියාවේ ප්‍රථම වතාවට නඩුවක් ගොනු කර ඇති බවද වාර්තා වෙයි.
මැලේසියානු රජය මේ පිළිබඳව ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

හරීන් ප‍්‍රනාන්දු හා ඇල්ලූ ඔට්ටුව ගැන ගම්මන්පිලගේ පිළිතුර මෙන්න

ඌවේ මැතිවරණයෙන් හරීන් ප‍්‍රනාන්දු මනාප 50000 කට වඩා ගත්තොත් තමන් අස්වන බවට බස්නාහිර පළාත් ඇමති උයද ගම්මන්පිල මහතා කල අභියෝග සම්බන්ධයෙන් ඒ මහතා ප‍්‍රතිචාර දක්වා තිබේ.
ත්‍ම් දිනවල විදෙස් සංචාරයක නිරත වන ගම්මන්පිල මහතාගෙන් එක්සත් ජාතීන්ගේ ලංකා  නියෝජිත පාලිත කොහොන  ද ඒ ගැන කල විමසීමකදී මෙස් සඳහන් කර ඇත.
‘රූපවහිනී සංවාදයකදි මම නගපු තර්ක වලට උත්තර දෙනවා වෙනුවට මට හරීන් කිවුවා ඔබතුමා මෙතන මොනවා කිව්වත් කොළඹදී මනාපෙන් දෙවනියනේ කියලා.
මම එතකොට හරීන්ට කිව්වා මම දෙවැනියා වුණේ පෝස්ටර් නැතුව ප‍්‍රචාරක කටයුතු කරලා.  එහෙම වෙලත් මම මනාප 116445ක් ගත්තා.  මම ඔබතුමාට අභියෝග කරනවා පුළුවන්නම් පෝස්ටර් නැතුව ජන්ද කරලා මනාප ලක්ෂයක් අරන් පෙන්වන්න. ඒකට හරීන්ගේ ප‍්‍රතිචාරය වුණේ බදුල්ලෙන් මනාප ලක්ෂයක් ගන්න අමාරු බවයි.
මම එතකොට කිවුවා හරීන් මම ඔබතුමාට 50% ක වට්ටමක් දෙන්නම්.  පුළුවන් නම් 50000 ක් මනාප ගන්න.  නමුත් පෝස්ටර් නැතුව ජන්ද කරන්න අමාරු අව දන්න හරීන් ඒ අභියෝගය භාරගත්තේ නෑ.  මගේ අභියෝගය  හරීන් භාරගන්තේ නැතිව විතරක් නෙමෙයි බදුල්ල පුරාම පෝස්ටර් ගැහුවා. ඉතින්්  ඇයි මම අස්වෙන්න  ඕනෑ.
මම ලංකාවට ගියාම මාධ්‍ය හමුවක් තියලා ඇත්ත කියනවා.  හරීන් වගේම රූපවාහිනී සංවාදය බලපු හැමෝම ඇත්ත මොකද්ද කියලා දන්නවා’

Saturday, September 27, 2014

නිමල් සිරිපාලට ආණ්ඩුව එපා වෙයි !

පසුගිය දිනවලදී ඌව පළාත් සභා මැතිවරණය තුළදී බදුල්ල දිස්ත්‍රික්කයේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු නියෝනය කරන ආසන දෙකක බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට අහිමි විය.

ඒ නිමල් සිරිපාලද සිල්වා නියෝජනය කරන බදුල්ල ආසනය ඡන්ද 6098 කින් ද හා ඩිලාන් පෙරේරා නියෝජනය කරන හාලි ඇළ ආසනය ඡන්ද 2796 කින්ය.

නිමල් සිරිපාල ආණ්ඩුව කෙරහි කලකිරී සිටින බව වාර්තා වෙන අතර ඔහු කලකිරී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය ඔහුගෙන් උදුරාගත් දිනයේ සිටය.

මේ හේතුවෙන් මෙවර මැතිවරණයේදී වේදිකාව උඩදී විපක්ෂයට බැන්නත්, වේදිකාවෙන් බිමට බැසීමෙන් අනතුරුව ආණ්ඩුවේ ඉහල තනතුරු විවේචනය කිරීමට පටන්ගෙන තිබේ.

මේ සම්බන්ධව දැනටමත් රජයේ ඉහල නිලධාරීන් දැනුවත්ව ඇති අතර ඒ අනුව නිමල් සිරිපාලද වත්මන් ආණ්ඩුවේ උදහසට ලක්වී තිබේ.

එකම පාස‍ලේ සිසුවාට අනියම් පෙම පුද කල ෆේස් බුක් ගුරුවරිය.


ෆේස් බුක් ගිණුම ඔස්සේ මිතුරු වී සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් එකිනෙකා හමුවූ අවස්ථාවේදී ඔවුන් එකම පාස‍ලේ ගුරුවරිය සහ ශිෂ්‍යයා බවට හෙළිවීමේ පුවතක් ප්‍රධාන පෙළේ පාසලකින් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මොවුන් දෙදෙනාම කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක හා ශිෂ්‍යයකු බවට මේ වන විට හෙළි වී ඇති බවයි.

ඔවුන් දෙදෙනා ෆේස් බුක් ගිණුම ඔස්සේ මිතුරු වී තිබෙනවා. පසුව දෙදෙනා කෙටි පණිවුඩ හුවමාරු කර ගනිමින් සමීප සබඳතාවක් ගොඩනගා ගෙන තිබෙනවා. ඒ වන විටත් ඔවුන් කවුරුන්ද යන්න හඳුනාගෙන නැත.

පසුව දෙදෙනා කොළඹ එක්තරා ස්ථානයකදී හමුවීමට තීරණය කරතිබෙනවා. එලෙස හමුවූ අවස්ථාවේදී දෙදෙනා හඳුනාගෙන තිබෙනවා. ඇය ගුරුවරිය බවත් තරුණයා පාස‍ලේ ශිෂ්‍යයකු බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.


පසුව මේ ගැටලුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තෙක් දුරදිග ගොස් ඇති අතර මේ වන විට එම දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල හෙට අන්තර්ජාලයට නිකුත් කෙරේ

මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් බොහෝදුරට හෙට (28) දිනයේ අන්තර්ජාලයට මුදා හැරීමට නියමිත බව වාර්තා වනවා. මෙම විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීමට අදාළ මූලික කටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතින බවයි විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. විභාග දෙපාර්තමේන්තුවේ ඩබ්ලිව්ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ඩොනේට්ස් ඩොට් එල් කේ www.doenets.lk නිල වෙබ් අඩවියෙන් ප‍්‍රතිඵල ලබා ගත හැකියි. පසුගිය අගෝස්තු 14 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 35,585 දෙනෙකු පෙනී සිටියා.

ජයලලිතා ජයරාම් වරදකරු වෙයි.

අයථා ලෙස වත්කම් ඉපයූ බවට චෝදනා එල්ල වූ තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් අධිකරණය මගින් වරදකරු කර තිබෙනවා. අද (27) මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේ බැංගලෝර් අධිකරණයක් විසින්. 1991 වසරේ මහ ඇමති ධුරයට පත්වී වසර 5 ක් ඇතුළත ජයලලිතාගේ වත්කම් ඉන්දීය රුපියල් කෝටි 3 සිට කෝටි 66 දක්වා ඉහළ යාම පිළිබඳව මෙම නඩුව ගොනු කෙරුණේ මීට 18 වසරකට පෙරයි.

ගාලු මුවදොර මුහුදේ මළ සිරුරක්

ගාලු මුවදොර ආශ්‍රිත මුහුදේ තිබි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

නාවික හමුදා නිලධාරීන් විසින් මෙම මළ සිරුර සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 57 ක පුද්ගලයෙකි.

මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මෙය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පිළිබඳ කොටුව පොලිසිය විමර්ශන සිදුකරයි.