මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් බොහෝදුරට අද (28) දිනයේ අන්තර්ජාලයට මුදා හැරීමට නියමිත බව වාර්තා වනවා. ප‍්‍රතිඵල නිකුත් කිරීමට අදාළ මූලික කටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතින බවයි විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. ඒ අනුව, අද දිනයේ විභාග දෙපාර්තමේන්තුවේ ඩබ්ලිව්ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ඩොනේට්ස් ඩොට් එල් කේ www.doenets.lk නිල වෙබ් අඩවියෙන් ප‍්‍රතිඵල ලබා ගත හැකියි. පසුගිය අගෝස්තු 14 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 35,585 දෙනෙකු පෙනී සිටියා. ලබන වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැය එකහමාරක තනි ප‍්‍රශ්න පත‍්‍රයක් ලෙස ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි හෝමාගමදී පසුගියදා පැවති රැස්වීමකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
No comments:
Post a Comment
Post Your Comment