අද (28) ප‍්‍රකාශයට පත් කෙරුණු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵලවලට අනුව දිවයිනේ ප‍්‍රථම ස්ථානය ලබා ගැනීමට ඇඹිලිපිටිය කනිෂ්ඨ ද්වීතියික පාසලේ ඩබ්ලිව්. ඒ. වෙනුජ නිම්සත් ශිෂ්‍යයා සමත්ව සිටිනවා. ඒ ලකුණු 199 ක් ලබා ගනිමින්.
ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානයට පත් වෙනුජ නිම්සත්, ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ එදිනෙදා වැඩ අතපසු නොකර සිදුකිරීමෙන් තමන් මෙම ජයග‍්‍රහණය හිමිකර ගත් බවයි.
පසුගිය අගෝස්තු මස 17 වැනිදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සිසුන් තුන් ලක්ෂ 27,648 ක් මෙවර පෙනී සිටි අතර ඊයේ නිකුත් වූ විභාගයේ ප‍්‍රතිඵල www.donets.lk වෙබ් අඩවියෙන් නිවැරදි අපේක්ෂක අංකය ඇතුළත් කර ලබාගත හැකි වනවා.
ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබා ගත් පොළොන්නරුව රාජකීය කණිෂ්ඨ විද්‍යාලයේ එච්.එම්. මාලක නෙත්මාල් තිලකරත්න දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
එමෙන්ම, මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන්් බෙම්මුල්ල - පිටියේගෙදර ප‍්‍රාථමික විද්‍යාලයේ සහනි යශෝධරා සහ මාවනැල්ල සහීරා මධ්‍ය මහා විදුහලේ මොහොම්මදු නිස්වාර් ෆාතිමා ලකුණු 197 බැගින් ලබා ගෙන තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා. සිව්වන ස්ථාන 5 ක් මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී පවතින අතර, ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 196 ක්. අගුණකොලපැලැස්ස අලූත්වැව ප‍්‍රාථමික විද්‍යාලයේ අධීෂ ආලෝක, බදුල්ල විහාරමහා දේවි බාලිකා මහා විදුහලේ දිලිනි තිසාරා, පොකුණුවිට - කුළුපන කනිෂ්ඨ විද්‍යාලයේ නිසාරා ද සිල්වා, ගම්පහ යශෝධරා දේවි බාලිකා පර්ෂද විදුහලේ චරිත්මි සෙනල්යා සහ කොළඹ - වෙස්ලි විද්‍යාලයේ රුචිර ෂෙහාන් එම ස්ථාන ලබා ගත්තා.
ඊයේ අන්තර්ජාලයට නිකුත් කෙරුණු ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල කොළඹ හා ශී‍්‍ර ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල් ප‍්‍රතිඵල ලේඛණ අදාළ පාසල් ප‍්‍රධානීන්ට විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත පැමිණ ලබාගත හැකියි. අනෙකුත් පාසල්වල ප‍්‍රතිඵල ලේඛණ එම පාසල් වෙත අද දින තැපැල් කර යැවීමට කටයුතු කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂාවත් සිදුකිරීමට අවශ්‍ය නම් ලබන ඔක්තෝම්බර් මස 15 වැනි දිනට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින්ම අභියාචනා ඉදිරිපත් කළ යුතු වනවා.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දිස්ති‍්‍රක්කවලට අදාළව අවම ලකුණු සීමා ද ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල සිංහල මාධ්‍යයෙන් අවම ලකුණු සීමාව වන්නේ ලකුණු 163 ක්. හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, රත්නපුර දිස්ත‍්‍රික්කවල සිංහල මාධ්‍ය අවම ලකුණු සීමාව 161 ක් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සිංහල මාධ්‍යයෙන් ලකුණු 160 ක අවම ලකුණු සීමාවක් පවතින්නේ අම්පාර, ති‍්‍රකුණාමලය, පුත්තලම, බදුල්ල සහ මොනරාගල දිස්ත‍්‍රික්කවලටයි. නුවරඑළිය, මන්නාරම, වව්නියාව, මුලතිව් දිස්ති‍්‍රක්කවලට අදාළව සිංහල මාධ්‍යයෙන් අවම ලකුණු සීමාව ලෙස දක්වා ඇත්තේ ලකුණු 159 යි. යාපනය, කිලිනොච්චි දිස්ති‍්‍රක්කවල දෙමළ මාධ්‍ය අවම ලකුණු සීමාව සඳහන් කර ඇත්තේ ලකුණු පිළිවෙලින් 158 ක් සහ 157 ක් ලෙසයි.

No comments:
Post a Comment
Post Your Comment