
කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් අදාළ මුදල කොටුව පොලිස් ස්ථානයේදී ලබා ගන්නා අවස්ථාවේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.
ස්වර්ණාභරණ අලෙවි සැලකින් සොරකම් කරන ලද රන් භාණ්ඩ තොගයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර නොගැනීම සඳහා මෙම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව එම පුද්ගලයා විසින් රුපියල් ලක්ෂයක මුදලක් පසුගිය සිකුරාදා ලබාදෙන අවස්ථාවේදී සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා හා සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පිටකොටුව පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලුත්ගෙදර ටිකිරි බණ්ඩාර විජේරත්න හා පොලිස් සැරයන් උපුල් වසන්ත කුමාර (49278) යන දෙදෙනාය.
සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
No comments:
Post a Comment
Post Your Comment