ශ‍්‍ර‍්‍රී ලංකාව තුළ බඩඉරිඟු ගම්මාන ඇති කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය
සූදානම් වනවා.
මේ යටතේ, ගල්යාය, මයිලගස්වැව සහ ගලෙන්බිඳුනුවැව යන
ප‍්‍රදේශවල මෙම බඩඉරිඟු ගම්මාන ඇති කිරීමටයි සූදානම් වන්නේ.
බඩඉරිඟු වගා
කිරීම සඳහා ගොවීන් 730 දෙනෙකු මේ වනවිටත් ඉදිරිපත්ව ඇති බව කෘෂිකර්ම
අමාත්‍යාංශය සඳහන් කළා.
ශ‍්‍රී ලංකාව වාර්ෂිකව බඩඉරිඟු මෙටි‍්‍රක් ටොන් දස
දහසක් අපනයනය කරන අතර එය තවදුරටත් වැඩි කිරීමටයි මෙලෙස බඩඉරිඟු ගම්මාන
පිහිටුවීමේ අරමුණ වී ඇත්තේ.
දැනට, කෘෂිකර්ම අමාත්‍යාංශය බීජ බඩඉරිඟු
කිලෝවක් රුපියල් 35 ක මුදලකට ගොවීන්ට ලබා දෙනවා.