අයථා ලෙස වත්කම් ඉපයූ බවට චෝදනා එල්ල වූ තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා
ජයරාම් අධිකරණය මගින් වරදකරු කර තිබෙනවා. අද (27) මෙම තීන්දුව ප්‍රකාශයට
පත් කළේ බැංගලෝර් අධිකරණයක් විසින්. 1991 වසරේ මහ ඇමති ධුරයට පත්වී වසර 5
ක් ඇතුළත ජයලලිතාගේ වත්කම් ඉන්දීය රුපියල් කෝටි 3 සිට කෝටි 66 දක්වා ඉහළ
යාම පිළිබඳව මෙම නඩුව ගොනු කෙරුණේ මීට 18 වසරකට පෙරයි.
Saturday, September 27, 2014
ගාලු මුවදොර මුහුදේ මළ සිරුරක්
ගාලු මුවදොර ආශ්රිත මුහුදේ තිබි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.
නාවික හමුදා නිලධාරීන් විසින් මෙම මළ සිරුර සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 57 ක පුද්ගලයෙකි.
මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මෙය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පිළිබඳ කොටුව පොලිසිය විමර්ශන සිදුකරයි.

ගිණුම් දත්ත දෙන්න බැංකුව ශිරාණිගෙන් අමෙරිකානු ඩොලර් 472,200ක් ඉල්ලයි

ඒ පිළිබඳ නඩුව අද කැඳවු අවස්ථාවේ දී බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කේ.එස් උදයකුමාර සඳහන් කළේය.
අදාළ දත්ත ලබාදීමට නම් පරිගණක මෙහෙයුමක් කිරීමට අවශ්‍ය බැවින් හිටපු අග්රවිනිශ්චයකාරවරියට එම මුදල ගෙවීමට හැකි නම් දත්ත ලබාදිය හැකි බව බැංකුව පාර්ශවයෙන් දැනුම් දී තිබේ.
එහිදී හිටපු අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් පවසා ඇත්තේ උසාවි නියෝගයක් දුන් පසු එම නියෝගය ඉටුකිරීමට බැංකුව බැඳී සිටින බැවින් ඊට අවනතව තොරතුරු ලබාදිය යුතු බවයි.
කෙසේ හෝ මේ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ශ්‍රී ලංකා මහබැංකුවේ පුද්ගලික බැංකු කටයුතු ඒකකයේ අධ්යක්ෂවරයාට දැනුම්දී ඇත්තේ මේ පිළිබඳව සොයාබලා නොවැම්බර් 3දාට කරුණු දක්වන ලෙස බව ද අප වාර්තාකරු පැවසීය.
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය වත්කම් බැරකම් ප්‍රකාශයේ අදාළ පෞද්ගලික බැංකුවේ පවත්වාගෙන ගිය විශේෂ ජංගම ගිණුම් දෙකක තොරතුරු අවුරුදු තුනක් තිස්සේ වසන් කළ බව කියන සිද්ධියට අදාළව මෙම නඩු විභාගය පැවැත්වෙයි.
ඒ ඇයගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ 2010,2011,හා 2012 යන වර්ෂ සඳහා එම බැංකුවේ පවත්වාගෙන ගිය ජංගම ගිණුම් දෙකක තොරතුරු ඇතුළත් නොකර ඇති බවට අල්ලස් කොමිසම අධිකරණය හමුවේ නඩු පැවරීම නිසාය.
Wednesday, February 06, 2013
හිමිනම ඝාතනය සම්බන්ධයෙන් තවත් 3 ක් පොලිස් අත්අඩංගුවට
මොරටුව එගොඩඋයන සුන්දෝපනන්ද විහාරාධිපති ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර උතුර පොලිස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
මොවුන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය පැවසුවේය.
භික්ෂූන් වහන්සේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව නියෝජ්‍ය නගරාධිපති මොරටුව මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් සැකකරුවන් සිව් දෙනෙකු මීට පෙර අත්අඩංගවට ගත් බව පොලීසිය පැවසුවේය.

හොරට පළිබෝධනාශක සැකසූ අය මාට්ටු
පළිබෝධ නාශක ව්‍යාජ ලෙස සකස් කරන නිෂ්පාදනාගාරයක් හැටන් ප්‍රදේශයේ දී වටලා තිබේ.
හැටන්, තොටගල, රොසිට් වතු යායේ නිවසක පළිබෝධ නාශක නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්ය.
නුවරඑලිය පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
තේ සහ එළවළු සඳහා භාවිත කරන අධික මිල ගණන්වලට අලෙවි වන පළිබෝධ නාශක මෙහි දී නිෂ්පාදනය කර ඇති බව වාර්තා වේ.
මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පවසයි.

ඉවත් කළේ පුද්ගලික පළිගැනීමකට නෙමෙයි
ගාල්ල නගරාධිපතිවරයා ඉවත් කිරීම පුද්ගලික පළිගැනීමේ චේතනාවක් නොවූ බව දකුණු
පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතාට එල්ල වූ දූෂණ චෝදනා පදනම් කරමින් ඔහු එම ධූරයෙන් ඉවත් කළ බව හෙතෙම සඳහන් කර සිටියි.
එහෙත් තම දේශපාලන දිවිය නිමා කිරිමේ අරමුණින් ද්වේශ සහගත ලෙස තමා එම ධූරයෙන් ඉවත් කළ බව හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා පසුගිය දා චෝදනා කළේය.

Tuesday, February 05, 2013
ජනපතිගෙන් අමෙරිකාව ඉල්ලීමක් කළේ නෑ
ඇෆ්ගනිස්ථානයේ සාමසාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවෙන් හමුදා භටයින් කණ්ඩායමක්
යවන ලෙසට අමෙරිකාව විසින් ඉල්ලීමක් නොකළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක
මොහාන් සමරනායක මහතා පවසයි.
එබැවින් ජනාධිපතිවරයා විසින් එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප නොකළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවසීය.
කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයේ සාමසාධක කටයුතු සඳහා හමුදා භටයින් කණ්ඩායමක් එවන ලෙසට අමෙරිකාව කළ ඉල්ලීමක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කළ බව අද (05) පෙරවරුවේ වාර්තා විය.

Friday, January 25, 2013
පින් ළිඳ ළග පවුකාර වැඩක්
නුගේගොඩ ගංගොඩවිල පන්සල් මාවත පින් ළිඳ අසළදී කාන්තාවකට අතවර සිදුවන බවට
119 යන අංකයට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය වහාම සිද්ධියට
අදාළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රී 7.30ට පමණ මෙකී අපරාධය ඇසින් දුටු පුද්ගලයෙකු හදීසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනූව මිරිහාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙසේ අතවරයට ලක්ව ඇත්තේ 47 හැවිරිදි කතක් වන අතර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා ඇය කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගංගොඩවිල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි පොලීසිය පවසයි.
ඔවුන්ට අයත් යැයි කියන ත්‍රීරෝද රථ 2ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියි.

Friday, December 07, 2012
දුම්රිය වර්ජනයෙන් මගීන් අතරමග.

දිනකට ගමන් කිරීමට නියමිත දුම්රිය වාර 320 න් දුම්රිය ගමන් වාර 18 ක් පමණක් ධාවනය කෙරුණු බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
අද දිනයේ දුම්රිය ගමන්වාර 40 කට ආසන්න සංඛ්‍යාවක් ගමන්කරවීමට බලාපොරොත්තු වන බව ද දුම්රිය පාලක මැදිරිය කියා සිටියා.
දෝෂාභියෝගය ගැන අවධානයෙන් ඉන්නේ-අමෙරිකානු තානාපති කාර්යාලය
ශ්‍රී ලංකාවේ අධිකරණයේ දැනට පවතින තත්ත්වය සහ අගවිනිසුරුවරිය පිළිබඳ
දෝෂාභියෝග ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වන බව මෙරට
අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් සිදුවන සෑම පරීක්ෂණයක්ම විනිවිද භාවයකින් සහ නිසි ක්‍රියාවලියකට අනුව සිදුවීම අත්‍යවශ්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය සඳහන් කළේය.
එම කටයුතු නීතියට අනුකූලව සිදුකරන ලෙසට ශ්‍රී ලංකා රජයෙන් සහ දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉල්ලා සිටින බව ද අමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

අගවිනිසුරුවරිය ගත් තීන්දුව සාධාරණයි
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තේරීම් කාරක සභාව පැවැත්වෙන අතරවාරයේ දී ඉන් ඉවත්ව යාම සාධාරණ බව නීතීඥයින් පවසයි.
දිවයිනේ සියලුම නීතීඥ සංගම් නියෝජනය කරමින් නීතීඥයින් පිරිසක් අද (07) පෙරවරු 10.00 ට අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට රැස්වී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී මෙම ප්‍රකාශය සිදුකර ඇත.
ඇතැම් තේරීම් කාරක සභා සාමාජිකයින්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් අගවිනිසුරුවරියට කමිටුව හමුවේ පෙනී සිටීමේ දුෂ්කරතා මතුව ඇති බව මාධ්‍ය හමුවට එක් වු නීතීඥවරුන් ප්‍රකාශ කළේය.
කාන්තා හිංසනයට එරෙහි විවිධ මත පළ කරන ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් තේරීම් කාරක සභාව හමුවේ දී අගවිනිසුරුවරියට සලකන ආකාරය ඉතා කණගාටුදායක බව ද ඔවුන් පෙන්වාදුන්නේය.
එමෙන්ම ඊයේ (06) දින ලබාදුන් වාර්තාවට අද දින කරුණු ඉදිරිපත් කිරීමක් අපේක්ෂා කිරීම යුක්ති සහගත නොවන බව එම නීතීඥයින් සඳහන් කරයි.
අපක්ෂපාතී හා සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට තවදුරටත් අවස්ථාව පවතින බව එම නීතීඥවරුන් පවසයි.
කෙසේ වෙතත් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝශාභියෝග යෝජනාව පිළිබඳ විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව අද (07) යළි රැස්වෙයි.

Subscribe to:
Posts (Atom)