දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව ආරම්භ කළ එක්දින සංකේත වර්ජනය
හේතුවෙන් දුම්රිය මගීන් අද (07) දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටිනවා.
දිනකට
ගමන් කිරීමට නියමිත දුම්රිය වාර 320 න් දුම්රිය ගමන් වාර 18 ක් පමණක් ධාවනය
කෙරුණු බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
අද දිනයේ දුම්රිය ගමන්වාර 40
කට ආසන්න සංඛ්‍යාවක් ගමන්කරවීමට බලාපොරොත්තු වන බව ද දුම්රිය පාලක මැදිරිය
කියා සිටියා.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් එහි සභාපති
අනුර ප්‍රියදර්ශන යාපා මහතාට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත.
එම කොන්දේසිවලට තේරීම් කාරක සභාවේ සභාපතිවරයා එකඟවුවහොත් පමණක් තමන් මෙම
දෝෂාභියෝග විමර්ශනයේ ඉදිරි කටයුතු සඳහා සහභාගී වන බව ඔවුන් පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ අධිකරණයේ දැනට පවතින තත්ත්වය සහ අගවිනිසුරුවරිය පිළිබඳ
දෝෂාභියෝග ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වන බව මෙරට
අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් සිදුවන සෑම පරීක්ෂණයක්ම විනිවිද භාවයකින් සහ
නිසි ක්‍රියාවලියකට අනුව සිදුවීම අත්‍යවශ්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් එම
තානාපති කාර්යාලය සඳහන් කළේය.
එම කටයුතු නීතියට අනුකූලව සිදුකරන ලෙසට ශ්‍රී ලංකා රජයෙන් සහ දෝෂාභියෝගය
විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉල්ලා සිටින බව ද අමෙරිකානු
තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තේරීම් කාරක සභාව පැවැත්වෙන අතරවාරයේ දී ඉන් ඉවත්ව යාම සාධාරණ බව නීතීඥයින් පවසයි.
දිවයිනේ සියලුම නීතීඥ සංගම් නියෝජනය කරමින් නීතීඥයින් පිරිසක් අද (07)
පෙරවරු 10.00 ට අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට රැස්වී පැවැත්වූ මාධ්‍ය
සාකච්ඡාවේ දී මෙම ප්‍රකාශය සිදුකර ඇත.
ඇතැම් තේරීම් කාරක සභා සාමාජිකයින්ගේ ක්‍රියාකලාපය හේතුවෙන්
අගවිනිසුරුවරියට කමිටුව හමුවේ පෙනී සිටීමේ දුෂ්කරතා මතුව ඇති බව මාධ්‍ය
හමුවට එක් වු නීතීඥවරුන් ප්‍රකාශ කළේය.
කාන්තා හිංසනයට එරෙහි විවිධ මත පළ කරන ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් තේරීම් කාරක
සභාව හමුවේ දී අගවිනිසුරුවරියට සලකන ආකාරය ඉතා කණගාටුදායක බව ද ඔවුන්
පෙන්වාදුන්නේය.
එමෙන්ම ඊයේ (06) දින ලබාදුන් වාර්තාවට අද දින කරුණු ඉදිරිපත් කිරීමක් අපේක්ෂා කිරීම යුක්ති සහගත නොවන බව එම නීතීඥයින් සඳහන් කරයි.
අපක්ෂපාතී හා සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට තවදුරටත් අවස්ථාව පවතින බව එම නීතීඥවරුන් පවසයි.
කෙසේ වෙතත් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත්ව
ඇති දෝශාභියෝග යෝජනාව පිළිබඳ විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක
සභාව අද (07) යළි රැස්වෙයි.